අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Sheridan Voysey

ෂර්ඩන් වොයිසි

.

ෂර්ඩන් වොයිසි විසින් රචිත ලිපි

දොර මග හරින්න

ලොම් සහිත වල්ගයක් ඇති මීයෙක් ඉව කරමින් සිටියේය. රසවත් යමක් අසළ විය. නිසැකවම, එම සුවඳ රසවත් බීජ වලින් පිරුණු කුරුල්ලන්ට කවන උපකරණයක් දෙසට විහිදුණි. මෙම මීයා දම්වැලෙන් බැස බීජ වලින් පිරුණු කවන උපකරණය වෙතට ගොස් දොරෙන් රිංගගෙන මුළු රාත්‍රිය පුරාම බීජ කෑවේය. ඔහුට මුහුණ දෙන්න සිදුවූ කරදරය ඔහුට වැටහුණේ උදෑසනය. කුරුල්ලෝ මෙම කවන උපකරණයේ දොරෙන් ඌට කොටන්න පටන් ගත්හ. බීජ…

ඥානවන්ත උපදෙස්

2019 අප්‍රේල් මාසයේදී පැරිසියේ නොටේ‍ර-ඬේම් ආසන දෙව් මැදුර ගිනි ගත් විට එහි පැරණි ලී බාල්ක සහ ඊයම් තහඩු අධික රස්නයකින් යුත් උදුනක් මෙන් වූ නිසා ඒවා දරා ගත නොහැකි වුනි. ආසන දෙව් මැදුරේ උල්වූ කොත පහත වැටීමෙන් පසු එහි සීනුව සවිකර තිබුණු කුළුණු වෙත අවධානය යොමු වුනි. දැවැන්ත වානේ සීනුවල ලී රාමුද පිළිස්සුණේ නම් ඒවා බිඳ වැටීමෙන් කුළුණු දෙකම බිම…

සැබෑ සතුට

දසවන සියවසේදී ස්පාඤ්ඤයේ කෝර්ඩෝබාහි පාලකයා වූයේ තුන්වන අබ්ඞ් අල් රහ්මාන්ය. වසර පනහක සාර්ථක පාලනයකින් පසු (“මගේ යටත් වැසියන් විසින් ආදරය කරන ලද, මාගේ සතුරාගේ භීතියට හේතුවූ සහ මාගේ සගයින්ගේ ගෞරවයට පාත්‍රවූ”) අල් රහ්මාන් ඔහුගේ ජීවිතය දෙස ගැඹුරින් බැලුවේය.“ධනය හා ගෞරවය, බලය හා ආශාවන් මගේ ඇමතුම එනතෙක් බලා සිටියේය” කියා ඔහු තම වරප්‍රසාද ගැන පැවසීය. නමුත් එම කාලය තුළ ඔහු කොපමණ…

නැවුම් ආරම්භක බලපෑම

බ්‍රයෝනිට අවුරුදු තිහක් වූ විට ඇය අකමැතිවූ අලෙවි රැකියාවක තවමත් නිරතව සිටීම ගැන ඇය කණගාටු වූවාය. තවත් කල් නොදමා නව වෘත්තියක් සොයා ගැනීමට කාලය පැමිණ ඇති බව ඇය තීරණය කළාය. ඬේවිඞ්ට නම් අලුත් අවුරුදු දිනයේදී කැඩපත දෙස බලා ගෙන ඔහු බර අඩු කර ගත යුතු වසර මෙය බවට පොරොන්දු වීය. තම දැඩි කෝපය අඩු නොවී තවත් මාසයක් ගත වන අයුරු…

නත්තල් දරුවා

බීජවලින් කිහිරි ගස් ඇති කළ තැනන්වහන්සේ කළලයක් ලෙස ජීවිතය ආරම්භ කළ බවත් තරු සෑදූ තැනන්වහන්සේ ගර්භාෂයට යටත් වූ බවත් අපේ කාලයේ අතිධ්වනියේ (මබකඑර්ිදමබා) කුඩා තිතක් බවට පත්වූ තැනන්වහන්සේ අහස පිරවූ බවත් ස්වභාවයෙන්ම දෙවියන්වහන්සේ වූ යේසුස්වහන්සේ සියල්ල ඉවත් කළ බවත් (පිලලිප්පි 2:7) ගැන ටිකක් සිතන්න. කෙතරම් විශ්මය ජනක සිතුවිල්ලක්ද!

යේසුස්වහන්සේ සාමාන්‍ය පිටිසර ගම්මානයක එfඬ්රුන් සහ දේවදූතයන්ද අහසේ දීප්තිමත් ආලෝකයන්ද සමග උපත…

මම ඔහුගේ දෑත්ය

2000 වසරේදී ජියා හයික්සියාට පෙනීම අහිමි විය. ඔහුගේ මිතුරා වූ ජියා වෙන්කිට කුඩා අවදියේදී ඔහුගේ දෑත් අහිමි වුනි. නමුත් ඔවුහු තම ආබාධිත භාවය මග හරවා ගෙන ඇත. “මම ඔහුගේ දෑත් ඔහු මගේ ඇස්” හයික්සියා පවසයි. ඔවුන් දෙදෙනා එක්ව චීනයේ ඔවුන්ගේ ගම වෙනස් කරති.

2002 සිට මෙම මිතුරන් තම නිවස අසළ පාළු ඉඩමක් ප්‍රතිසංස්කරණය කිරීමේ මෙහෙවරක යෙදී සිටියහ. මෙම ඉඩමට යාමට…

යහපත් ආරංචි

1941 දී හිට්ලර්ගේ පාලනය යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී යුද ප්‍රයත්නයට සහාය වන ලෙසට නවකථා කරුවෙක් වන ජෝන් ස්ටේන්බෙක්ගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ මුල් පෙළ භට පිරිස් සමග සටන් කිරීමට හෝ ඔවුන්ව හමුවීමට හෝ නොවේ. ඒ වෙනුවට කථාවක් ලිවීමට ඉල්ලා සිටින ලදී. එහි ප්‍රතිඵලය වූයේ දුෂ්ඨ ආධිපත්‍යයක් විසින් ආක්‍රමණය කරන ලද සාමකාමී දේශයක් පිළබඳ “ද මූන් ඊස් ඩවුන්” (සඳ එළිය…

දුක් විඳීමේ අරමුණක්

“ඉතින් ඔබ කියන්නේ එය මගේ වරදක් නොවේ කියාද”. කාන්තාවගේ වචන මා මවිතයට පත් කළාය. ඇගේ දේවස්ථානයේ ආගන්තුක කථිකයෙක් ලෙසට එදින උදෑසන මා බෙදා ගත් දේ ගැන අපි සාකච්ඡා කරමින් සිටියෙමු. “මට නිදන්ගත රෝගයක් තිබේ” ඇය කීවාය. “මම යාච්ඤා කළෙමි. නිරාහාරව සිටියෙමි. මගේ පාපයන් පාපෝච්චාරණය කර සුවය ලැබීමට මට පැවසූ සෑම දෙයක්ම කළෙමි. නමුත් මම තවමත් අසනීපයෙන් සිටිමි. ඉතින් මම සිතුවේ…

පූජා කළ යුත්තේ කවදාද?

2020 පෙබරවාරියේදී කෝවිඞ්-19 වසංගතය ආරම්භ වෙමින් තිබියදී එක් පුවත්පත් තිර රචකයෙක්ගේ කණස්සල්ල කෙරෙහි මම යොමු වුනෙමි. අපි කැමැත්තෙන් ස්වයං හුදකලා වෙයිද? ඇය කල්පනා කළාය. අන් අය රෝගී නොවන පිණිස අපි අපගේ ගමන් බිමන්, සාප්පු සවාරි යනාදිය වෙනස් කරමුද. “මෙය හුදෙක් සායනික සම්පත් පිළිබඳ පරීක්‍ෂණයක් පමණක් නොව අපට වඩා අන් අය ගැන සැළකිලිමත් වීමට ඇති කැමැත්ත වන්නේය” යනුවෙන් ඇය ලීවාය. හදිසියේම…

අසීමිතයි

මම සාප්පු සංකීර්ණයේ භෝජනාගාරයේ වාඩිවී සිටිමි. මගේ ශරීරය නොසන්සුන්ය. වැඩ අවසන් කළ යුතු දින පිළිබඳව කල්පනා කරන විට මගේ බඩ කැලතෙන්නට පටන් ගනී. මම මගේ කෑම පාර්සලය ලිහා කුඩා කැබැල්ලක් කන විටදී මිනිසුන් මා වටා ඇවිදිමින් ඔවුන්ගේ කාර්්‍යයන් ගැන කලබල වෙනවා මම දුටුවෙමි. අප සියල්ලන්ම කෙතරම් සීමිතද. කාලය, ශක්තිය සහ ධාරිතාව කෙතරම් සීමිතද කියා මම සිතුවෙමි.

කළ යුතු කාර්්‍යයන් ගැන…